Skip to main content
මරණ දඬුවම අපරාධ නිවාරකයක් නෙවෙයි |පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
Syndicated from ravaya.lk,
මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතුයැ’යි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රගේ හා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ යෝජනා ස්ථිරත්වයෙන් ඔක්තෝබර් 6වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී කළ කතාව.
ම ඉදිරිපත් කර ඇති යෝජ නාව මඟින් බාල අපරාධ රැුල්ලකට ප‍්‍රතිචාර දක්වමින් සාකච්ඡුා කරන්නේ අපරාධ යුක්ති ක‍්‍රියාදාමයේ අවසාන අදියර ගැන පමණයි. නමුත් ඊට වඩා එය හුඟක් දීර්ඝයි. එයට අපරාධය හඳුනා ගැනීම, අපරාධය නිසි ලෙස විමර්ශනය කිරීම, අපරාධකරුවා අල්ලා ගැනීම, ඉක්මනින් නඩු පැවරීම, ඉක්මනින් නඩු විභාගයට ගැනීම, සාර්ථක ලෙස පැමිණිල්ල මෙහෙයවීම, වරදකරු කිරීම සහ දණ්ඩනය යන දීර්ඝ අපරාධ යුක්ති ක‍්‍රියාදාමයක් තිබෙනවා. එල්ලූම් ගහ නොවෙයි, රජ කාලයේ වාගේ උල තැබීම ආපසු ගෙනාවත් අපරාධකරුවෙක් වැරදිකරුවෙක් කරන්න බැරි නම් වැඩක් නැහැ. එම නිසා අර මා කලින් සඳහන් කළ එක පියවරක් හෝ අතපසු වුණොත් මේ කුමන දඬුවම තිබුණත් වැඩක් වන්නේ නැහැ. එම නිසා අවශ්‍ය වන්නේ ඒ එක එක පුරුක ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම ස්ත‍්‍රීන් සහ ළමයින්ට එරෙහිව කරන අපරාධවලදී පොලිස් නිලධාරින්, පැමිණිල්ල මෙහෙයවන්නන් සහ විනිසුරන් එවැනි කාරණා පිළිබඳ සංවේදී කිරීම අත්‍යවශ්‍යයි. මොකද, අපි තවමත් සිටින්නේ පුරුෂාධිපත්‍යය බොහෝදුරට තිබෙන සමාජයකයි. ඊළඟට පොලීසියට අවශ්‍ය පුහුණුවීම්, අලූත් ක‍්‍රම (modern methods), ඒ වාගේම පරීක්ෂණ, නඩු පැවරීම සහ නඩු විභාග ආදිය ප‍්‍රමාදයක් නැතුව ඉටු කිරීම වැනි කාරණා ඉතාමත් අවශ්‍යයි. එහෙම නැතුව අන්තිම පියවර වන දඬුවම ගැන විතරක් කථා කළාට අපි කොහාටවත් යන්නේ නැහැ.
ඊළඟට, සමාජ සාධක පිළිබඳව සොයා බැලිය යුතුයි. දරුවන්ගේ අනාරක්ෂිත වටපිටාව පිළිබඳව සොයා බැලිය යුතුයි. අප දන්නා පරිදි, සමහර මව්වරු පිටරට ඉන්නවා; රැුකියාවලට යනවා. එවිට ඔවුන්ගේ ළමයින්ගේ ආරක්ෂාව ගැන සොයා බැලිය යුතුයි. අපට ඒගොල්ලන්ට කියන්න බැහැ, පිටරට යන්න එපා කියලා. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. අපට කියන්න බැහැ, රස්සාවට යන්න එපා කියලා. නමුත් සමාජයට වගකීමක් තිබෙනවා මේ පිළිබඳව කටයුතු කිරීමට. ඒ වාගේම ප‍්‍රමාණවත් දැනීමක් ලබා දෙන්නට ඕනෑ.
අද අප දන්නවා, ලෝකය පුරාම ළමා අපචාර සිදු වන බව. කනගාටුවෙන් වුණත් මා කියන්න ඕනෑ, මේ අපරාධවලට කිට්ටු නෑදෑයන් සම්බන්ධ බවට සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන බව. ඒ පිළිබඳව දෙමව්පියන් දැනුවත් කරන්න ඕනෑ. ළමයන්ට පවා පාසල්වලින් යම් දැනුවත් කිරීමක් කිරීම අත්‍යවශ්‍යයි. එවැනි පියවර ගන්නේ නැතිව අවසාන පියවර ගැන කථාකරලා වැඩක් නැහැ.
මරණ දණ්ඩනය පිළිබඳව කථා කිරීමේදී මා මේ කරුණු ටිකත් කියන්න කැමැතියි. දකුණු අප‍්‍රිකාවේ සුප‍්‍රසිද්ධ නඩුවක් වන මක්වන්යානේ නඩුවේදී මරණ දඬුවමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ප‍්‍රශ්න මතු වුණා. ව්‍යවස්ථාධිකරණය මෙසේ කිව්වා: ‘අපරාධ වැළැක්වීමේ ලොකුම නිවාරකය වන්නේ මරණීය දණ්ඩනය නොවේ. ඒ වූ කලි වරදකරුවන් අල්ලා නඩු පවරා දඬුවම් කිරීමට ඇති හැකියාවයි. අපේ අපරාධ යුක්ති විනිශ්චය ක‍්‍රම පද්ධතිය තුළ නැත්තේද එයයි.’
ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා 1936 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී කියා සිටියා, දතට දතක් සහ ඇසට ඇසක් යන පැරැුණි මතයෙන් අප දුරු විය යුතුයි කියලා.
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 1956 දී පාර්ලිමේන්තුවේදී කිව්වා, රාජ්‍යයට ඕනෑම එකක් අරගෙන ආපසු දෙන්න පුළුවන්, නමුත් ගත්තොත් ආපසු දෙන්න බැරි එක දෙයක් තිබෙනවා, ඒ තමයි ජීවිතය කියලා. ඒ නිසා අප ඉතාමත්ම ප‍්‍රවේශම් වන්න ඕනෑ. මොකද, ලෝකය පුරාම නිර්දෝෂී පුද්ගලයින් මරණ දණ්ඩනයට ලක් වෙලා තිබෙනවා.
එංගලන්තයේ 1950 දී තිබුණු සුප‍්‍රසිද්ධ නඩුවක් තමයි, තිමති එවන්ස් සම්බන්ධයෙන් වූ නඩුව. ඔහුව එල්ලා මරලා අවුරුදු ගණනාවකට පස්සේ ජෝන් ක‍්‍රිස්ටි නමැති පුද්ගලයෙක් කිව්වා, ‘ඔහු නොවෙයි මම තමයි මිනීමැරුම කළේ’ කියලා. ඔය වාගේ උදාහරණ ගණනාවක් තිබෙනවා. උතුරු අයර්ලන්තයේ ගැටුම තිබුණු කාලයේ පැවතුණු නඩු දෙකක් තිබෙනවා. Guildford Four කියලා Guildford කියන පබ් එකට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් නඩුවක් තිබෙනවා. ඒ වාගේම Maguire Seven කියලා තවත් නඩුවක් තිබෙනවා. පළමුවැනි නඩුවෙන් හතර දෙනෙක් වරදකරුවන් වුණා. දෙවැනි නඩුවෙන් හත් දෙනෙක් වරදකරුවන් වුණා. මේ නඩුවලදී ඔවුන් වරදකරුවන් වුණේ ඔවුන් කළ පාපෝච්චාරණ අනුවයි. උසාවිය කියා සිටියා, මේ පාපෝච්චාරණ ඔවුන් කැමැත්තෙන්ම කළ ඒවාය කියලා. හොඳ වෙලාවට ඒ වන කොට මරණ දඬුවම ඉවත් කරලා තිබුණා. අවුරුදු ගණනාවකට පස්සේ එළිදරවු වුණා, ඔවුන් කළ පාපෝච්චාරණ බලෙන් ගත් ඒවාය කියලා. 1994 දී රුසියාවේ පනස් දෙදෙනෙකු මරා දැමූ, ඇන්ඞ්රේ විකටිලෝ නමැති සීරියල් කිලර් කෙනෙක් සිටියා. ඔහුව එල්ලා මැරුවා. ඔහු එල්ලා මැරීමට හේතු වුණු එක මිනීමැරුමක් සඳහා ඒ වන කොටත් ඇලෙක් සැන්ඩර් ක‍්‍රැව් චෙන්කේ නමැති වෙන කෙනෙකුව එල්ලා මරලා ඉවරයි. පොලීසිය කියා සිටියා, අපිට ඉක්මනට මිනීමරුම් නවත්තන්න ඕනෑ වෙලා තිබුණා කියලා. කියලා. ඒ නිසා අසරණ මිනිහෙක්ව අරගෙන ගියා.
ඇමෙරිකාවේ මරණ දඬුවම සම්බන්ධයෙන් වූ සංඛ්‍යා ගැන අප අද කථා කළා. 1991 සිට 2013 දක්වා සෑම අවුරුද්දකම මරණ දඬුවම තිබෙන ප‍්‍රාන්තවල අපරාධ ප‍්‍රමාණය වැඩියි. 1991 එය සියයට 7ක් පමණයි. අද එය සියයට 22ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. සමහර අවුරුදුවල එය සියයට 44 දක්වා වැඩි වෙලා තිබෙනවා. එයින්ම තේරෙනවා, මරණ දඬුවම නිවාරකයක් නොවෙයි කියලා.
2008 දී ඉහළ පොලිස් නිලධාරින් 500කගෙන් ඇහුවා, බල අපරාධ වැළැක්වීමට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම කොපමණ වැදගත්ද කියලා. ඔවුන්ගෙන් අතිවිශාල ප‍්‍රමාණයක් කියා සිටියා, ඒක තමයි අඩුම වටිනාකමක් තිබෙන සාධකය කියලා. ඒ අනුව අපට පෙනීයනවා, මෙය වැරදිකරුවන් සියලූ දෙනාම එල්ලලා, විදුලි පුටුවට යවලා ගන්න පුළුවන් විසඳුමක් නොවෙයි කියලා. ලෝකයේ සිටින ඉහළම අපරාධ විද්‍යාඥයන් කියා සිටිනවා, මේක මිථ්‍යාවක් කියා. ඔවුන්ගෙන් සියයට 88.2ක් කියා සිටියා, මරණීය දණ්ඩනය නිවාරකයක් නොවෙයි කියලා. ඊළඟට ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධි කරණයේ සිටි තර්ගුඞ් මාර්ෂල් නමැති සුප‍්‍රසිද්ධ විනිශ්චයකාරවරයෙකුත් කියා සිටියා, මරණීය දණ්ඩනය නිවාරකයක් නොවෙයි කියලා.
අපරාධ නඩුවලට පෙනී සිටින නීතිඥවරු දන්නවා සැලසුම් කරලා මරන කොට ඔවුන් දඬුවම දිහා බලන්නේ නැහැ කියලා. ඔවුන් හිතන්නේ, අපි අහු වෙන්නේ නැහැ කියලායි. මේ පිළිබඳව ද ඇමෙරිකාවේ අභියාච නාධිකරණ විනිශ්චයකාර වරයෙක්ව සිටි එච්.ලී. සරොකින් කියා සිටිනවා, මෙන්න මෙය.
ඔවුන් කල්පනා කරන්නේ නැහැ, ‘මරණ දඬුවම තිබෙන නිසා මම මේක කරන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා හිරදඬුවම ලබා දෙනවා නම් ඒකට කමක් නැහැ’ කියලා. එහෙම වෙන්නේ නැහැ. හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීතුමිය කිව්ව එක කාරණයක් පිළිබඳව මම එකඟ වෙනවා. ඒ තමයි, සමහර වැරදිවලට තිබෙන දඬුවමේ ස්වභාවය. මම හිතන විධියට ඒවා පිළිබඳව අප සාකච්ඡුා කළ යුතුයි. ඒ වාගේම දිගටම ඇප දීම පිළිබඳවත් අපි සාකච්ඡා කළ යුතුයි. නමුත්, අපි දිය යුත්තේ අපරාධ යුක්ති ප‍්‍රතිචාරයක්. නැතිනම් අපි නිකම් මතු පිට හූරනවා විතරයි.
අවසාන වශයෙන්, මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි පසුගිය 27වන දා රාවය පුවත්පතට දුන්න සම්මුඛ සාකච්ඡුාවේ කොටස් කිහිපයක් කියවන්නට මම කැමැතියි. එහි මෙසේ සඳහන් වනවා: ‘…. අපේ සමාජය තුළ මෙවැනි තිරිසන් සිද්ධීන් ඇති වෙන්න මිනිසා පෙළඹෙන හේතු කාරණා තිබෙන්න පුළුවන්. අපි ඒවා මොනවත් හොයන්නේ නැතිව නීතිය අතට ගන්න යනවා. රටක නීතියක් ගැන නොදන්නා හෝ නීතියක් නැති රටක මිනිස්සු හැසිරෙන්නේ මේ විධියටයි. … වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට දඬුවම් අවශ්‍යයි. ඒවාට ක‍්‍රම සහ විධි සකස්කර ගත යුත්තේ බුද්ධිමතුන් සාකච්ඡා කිරීමෙන්. … මිනිස්සු කෑගහපු පළියට වැරදිකරුවන්ට දඬුවම් දෙන රටක් රාජ්‍යයක් ලෝකේ කොහේවත් නැහැ.’
මම හිතන විධියට මේවා අපි බරපතළ ලෙස සාකච්ඡුා කළ යුතු කරුණුයි. නිකම් මතුපිට විතරක් හූරලා, ක්‍ෂණික ප‍්‍රතිචාරවලින් මෙවැනි ප‍්‍රශ්න විසඳීමට යෝජනා ඉදිරිපත් කිරීම ගැන අප නැවත සලකා බැලිය යුතුයි.
- See more at: http://ravaya.lk/?p=10305#sthash.x6qmbcRX.dpuf
Comments
Post a Comment